Posts

Showing posts from 2018

සද්ධාය තථාගතස්ස බෝධිං

Image
    නිරෝධ සමාපත්තියෙන් නැගී සිටියාක් මෙන් මහාකරුණා සමාපත්තියෙන් නැගී සිටියාක් මෙන්  අර්හත් ඵලසමාපත්තියෙන් නැගී සිටියාක් මෙන් වැඩ සිටින්නා වු දෙතිස් මහා පුරුෂලක්ෂණයෙන් ද අසූවක් අනුව්‍යංජනලක්ෂණයෙන් ද ව්‍යාමප්ප්‍රභාවයෙන් ද කේතුමාලාලංකාරයෙන් ද සවණක් ඝණ බුදුරැස් මාලාවෙන් ද හිරු මඩලක් මෙන් බබලන්නා වූ ඒ භාග්‍යවත් අරහත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි  සිත පහදා ගනුව ෴

දස අකුසල්

Image

ධම්මපදය

මල වග්ගය 🔳🔳🔳🔳🔳 "පරවජ්ජානුපස්සිස්ස නිච්චං උජ්ඣානසඤඤිනො ආසවා තස්ස වඩඪන්ති ආරා සො ආසවක්ඛයා" නිතර අනුන් ගේ දොස් සොයන්නා වූ, දොස් සොයා ඇද කුද කියන්නා වූ ඒ පුද්ගලයාගේ ආශ්‍රවයෝ වැඩෙත්. හෙතෙම කාමාදී ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ඉතා දුර ය ෴

ධම්මපදය

Image
Image

ලෝවැඩසඟරාව

Image
                                                                     
Image

ලෝවැඩසඟරාව

Image
Image

සිංහල විශුද්ධිමාර්‍ගය

පළමු පරිච්ඡේදය නමො තස්ස භගවතො සම්මා සම්බුද්ධස්ස භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙවුරම් වෙහෙර වැඩ වසන කල්හි එක්තරා දේවපුත්‍රයෙක් එක් මධ්‍යම රාත්‍රියෙක උන්වහන්සේ කරා එළඹැ වැඳැ එකත්පස් වැ සිටැ මෙසේ විතාළේය. “අන්තොජටා බහි ජටා - ජටාය ජටිතා පජා තං තං ගොතම පුච්ඡාමි - කො ඉමං විජටයෙ ජටං[58]” “ඇතුළත ද අවුල ය පිටත ද අවුල ය. මුළු සත්ත්‍ව වර්‍ගයා මේ අවුලෙන් අවුල් වැ සිටිති. ගෞතම සර්‍වඥයන් වහන්ස එබැවින් මම ඔබගෙන් විතාරමි. මේ අවුල කවුරු නිරවුල් කෙරෙත් ද” යනු එහි භාවයි. විස්තරය මෙසේය:- හුණ ලැහැබෙක අතුපතුර මුල පටන් අග දක්වා ද අග පටන් මුල දක්වා ද හැසී ගැවැසී සිටිනා සේ තෘෂ්ණාව රූපාලම්බනයෙහි පටන් ධර්මාලම්බනය දක්වා ද ධර්මාලම්බන යෙහි පටන් රූපාලම්බනය දක්වා ද හැසී ගැවසී පවත්නේ ය. එබැවින් තෘෂ්ණාවට මෙහි දී ජටා හෙවත් අවුල යයි කියන ලදී. ඒ තෘෂ්ණාව වනාහි ස්වකීය ආත්ම භාව අධ්‍යාත්මික ආයතන පිළිබඳ වැ උපදනා කල අන්තො ජටා ඇතුළ අවුල යයි ද, පරකීය පරිෂ්කාර පරකීය ආත්ම භාව බාහිර ආයතන පිළිබඳ වැ උපදනා කල බහිජටා- පිටත අවුල යයි ද කියනු ලැබේ. තුන්ලෝ වැසි සියලු සත්ත්වයෝ මේ අන්තො ජටායෙන් හා බහිජටායෙන් අවුල් ව...